ජනාධිපතිවරයාට මුක්තිය හිමිවනවාට මාත් විරුද්ධයි. අපි දාහතර දෙනා ඡන්දය නොදී හිටියොත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය නැතිව යනවා.

0
677
- Advertisement -

ජනාධිපතිවරයාට මුක්තිය හිමිවනවාට මාත් විරුද්ධයි. අපි දාහතර දෙනා ඡන්දය නොදී හිටියොත්
ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය නැතිව යනවා.

20 වන සංශෝධනය සම්මත වුවහොත් ජනාධිපතිවරයාට දණ්ඩමුක්තිය හිමිවන බවත්, තමන් ඊට විරුද්ධ බවත්, ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අඩුම තරමින්, මානවහිමිකම් සම්බන්ධයෙන්වත්, ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ බලයක් ජනතාවට තිබිය යුතු බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, විසිවන සංශෝධනය කෙටුම්පත් කිරීමේ දී, ශ්‍රිලනිපයේ අදහසක් ලබා නොගත් බවද ශ්‍රීලනිප මහලේකම්වරයා පවසයි.

ආණ්ඩුව සමග එක්ව සිටින, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දා හතර දෙනා ඡන්දය නොදී සිටියහොත්, ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය නැතිව යන බව පවසන ශ්‍රීලනිප මහලේකම්වරයා, 19 වන සංශෝධනය අහෝසිකිරීමෙන් පසුව, රටට වගකිවහැකි සංශෝධන ක්‍රියාවලියක් ගෙන ආවොත්, තමන් ඊට සහාය දක්වන බවද පවසා සිටියි.

අද ලංකාදීප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, ශ්‍රි ලනිප මහලේකම්, දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.