ජනාධිපතිවරණයේ පළමු පිල් මාරුව දිලිත්ගෙන්

0
2920
- Advertisement -

ඉදිරි ජනාධිපතිරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම සැක සහිත බව පැවසේ. විශේෂයෙන්ම, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුත්ත බලාපොරොත්තු වූ ඉක්මනින් ඉටු කර ගැනීමට නොහැකි වීම ගෝඨාභයගේ ජනාධිපතිවරණ සිහිනය බිද වැටීමට හේතු වී තිබේ. එම තත්ත්වය යටතේ, ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට උදව් කිරීමට බලාපොරොත්තුව සිටි දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු, දිලිත් ජයවීර, ඔහුගේ සහාය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට සූදානම් බව පැවසේ. සාගල රත්නායක අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර විස්සක් පිරීම සැමරීම සඳහා පසුගිය ද අරලිය ගහ මන්දිරියේ පැවති උත්සවයටද දිලිත් ජයවීර මහතා සහභාගී වී තිබුණි. එහිදී දිලිත් ජයවීර සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතරේ සුහද පිළිසදරක් සිදුව ඇති අතර, තමාගේ ජනාධිපතිරණ ප‍්‍රචාරණ ව්‍යාපෘතිය භාර ගන්නා ලෙස අගමැතිවරයා දිලිත්ගෙන් ඉල්ලා ඇති බවද පැවසේ. දිලිත් ජයවීර සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හමුව සැලසුම් කර ඇත්තේ ඉෂිණි වික‍්‍රමසිංහ විසිනි. ඊට අමතරව, පසුගිය දිනෙක දිලිත් ජයවීර සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මුණ ගැසී අතර, එම හමුවේ දී, ඉදිරිපත් ජනාධිපතිවරණය සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම්, තමන්ගේ සහාය ඔහුට ලබා දෙන බව, දෙරණ හිමිකරු දිලිත් ජයවීර මහතා චම්පික රණවක අමාත්‍යවරයාට පවසා තිබේ. ඒ අතර, අතරමග නවතා දමන්නට සිදු වූ ජනයුගය පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණාලය ලබා ගැනීමේ සැලසුමක් ද දිලිත් ජයවීර මහතාට තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 3 =