ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න – ප්‍රසිද්ධ භික්ෂුවකගෙන් රාජිත සේනාරත්න මහතාට ආරාධනාවක් – Headline News

0
849
- Advertisement -

පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන්ට ඉදිරිපත් වන ලෙසට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේනමක් ආරාධනා කළ බවයි.

මුදල් නොමැති වුවත් හැකි විදියට ජනාධිපතිවරණයට තරග කරන ලෙස වුන් වහන්සේ තමාට ප්‍රකාශ කළ බවට අමාත්‍ය වරයා සදහන් කර සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමා මුදල් උපයා නැති නමුත් මිනිසුන් හම්බ කරගෙන ඇති බවයි. අවස්ථාව ලැබුණහොත් තමා ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහණය කර පෙන්වීමට සූදානම් බවටද එතුමා පැවසීය.