ජනාධිපතියි විපක්ෂ නායකයි එකම කෝච්චියේ.

0
658
- Advertisement -
Share

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ [Joko Widodo] සහ එරට විපක්ෂ නායක ප‍්‍රබෝවෝ සුබිඅන්ටෝ [Prabowo Subianto]  එකම දුම්රිය මැදිරියකදී එකිනෙකා මුණ ගැසී තිබේ.

ඉන්දුනීනිසියාවේ වත්මන් ජනාධිපතිවරයා එම ධූරයට පත් වූයේ අපේ‍්‍රල් මාසයේ පැවති ජනාධිපතිවරණයෙනි. එම මැතිවරණය අන්ත දූෂිත මැතිවරණයක් බව ඔහුගේ ප‍්‍රතිවාදියා මෙන්ම වර්තමාන විපක්ෂක නායකයාද වන ප‍්‍රබෝවෝ සුබිඅන්ටෝ Prabowo Subianto  විසින් චෝදනා කර තිබුණි. මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා කොතරම් ඉහළ ගොස් තිබුණේ ද යත්, මැතිවරණ කාල සීමාව තුළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබුණි.

කෙසේ වෙතත්, ඉන්දුනීසියානු අධිකරණය විසින් අදාල මැතිවරණ ප‍්‍රතිඵලය නිල වශයෙන් පිළි ගත්තේ ය.

සියලූ විරසකතා පසෙක තබා, ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ එරට විපක්ෂ නායකවරයා, එකම දුම්රියේ එකම ආසනයේ මේ වාඩි වී යන්නේ, ජකාර්තා නගරයේ නව ප‍්‍රවාහන ව්‍යාපෘතියක් පරීක්ෂා කර බැලීම සඳහා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + thirteen =