ජනාධිපතිතුමාට ඇති මුක්තිය අවසන් වූ පසු ලසන්ත ඝාතන නඩුව විභාගයට ගැනීමට ඇමරිකාව තීරණය කරයි.

0
636
- Advertisement -

තම පියා ඝාතනයට ඇමරිකානු පුරවැසියෙකු වන ගොඨාභය රාජපක්ෂ මහතා වගකිවයුතු බව සඳහන් කරමින් සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන ඇමරිකන් පුරවැසි අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින් ඇමරිකානු ඉහළ අධිකරණයක් හමුවේ ගොනු කර ඇති පෙත්සමේ විභාගය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මුක්තිය අවසන් වූ පසු සිදු කිරීමට එම අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

පැවති මහින්ද රාජපක්ෂ සමයේ මෙම ඝාතනය සිදු වූ අතර ගෝඨභය රාජපක්ෂ මහතා ඒ වනවිට රාජ්‍ය ආරක්ෂ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් කවුරුන්දැයි තමා දන්නා බවත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ශ්‍රී ලංකාවට පැමිණ තමා හමුවීමට පැමිණියහොත් තමන් එම ඝාතකයා කවුරුන්ද යන්න ඇයට හෙළි කිරීමට සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනවාරි මාසයේදී පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි.

එයට ප්‍රතිචාර දක්වමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය Sunday Observer පුවත්පතේ ලිපියක් පල කරමින් සඳහන් කර තිබුනේ “ඔහු කියන්නේ ඇත්ත බව මට විශ්වාසයි. මගේ පියා ඝාතනය කළේ කවුරුන්ද යන්න ඔහු පැහැදිලිවම දන්නවා ඇති. මම පොලිසිය නෙවෙයි. ඔහු එය ප්‍රකාශ කළ යුත්තේ CIDයටයි. ඝාතනයේ සැකකරුවන්ට රාජතාන්ත්‍රික තනතුරු ලබා නොදී එම ඝාතකයන් පිළිබඳව ඝාතනය සිදුවූ මොහොතේම හෙළි කළ යුතුව තිබුනා”. යනුවෙනි.

කෙසේ වෙතත් මෙම පෙත්සම මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයට ගොනු කර තිබූ අතර එය ඉන් ප්‍රතික්ෂේප විය. ඉන් පසු මෙම පෙත්සම ඉහළ අධිකරණයක ගොනු කර ඇති අතර එහිදි මෙම තීරණය ලබාදී ඇත.

lanka truth.lk වෙබ් අඩවිය ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 3 =