“ජනාධිපතිතුමනි; රණවිරු දින කතාවේ දී එම්.සී.සී.ගිවිසුම අත්සන් නොකරන බව නොකීවේ ඇයි..?” බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අසති.

0
439
- Advertisement -

යක්කල ප‍්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්, බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් දක්වා ඇති අදහස්, දිනපතා අරුණ පුවත්පතේ පළ වී තිබේ.

පහතින් පළ වන්නේ, අරුණ පුවත්පත පළ කර තිබෙන ආකාරයට එකී අදහස් ය.

‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දෙදෙනාගේ ශක්තියෙන් ධෛර්යයෙන් අපේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා පුළුවන් විදිහට වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. දේශපාලන පක්ෂයක් ලෙස අපි එතුමන්ලාට ආශිර්වාද කරනවා රටේ ජනතාව ආරක්ෂා කරන්න කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රණවිරු දිනයේදී ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශය හරිම හොඳ දෙයක්. හොඳම කරුණු කාරණා කිහිපයකට අපි ඇහුම්කන් දුන්නා. අපේ ශ්‍රී ලංකා මාතෘ භූමියේ ජීවත් වෙන රටවැසියන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එතුමාගේ ඒ කතාවට ස්තුතිවන්ත වෙනවා. මන්ද මීට ඉහත ජන නායකයෙක් මෙවැනි කතාවක් කළේ නෑ. නමුත් මෙතැන පොඩි කොස්සක් තියෙනවා. එතුමා තීරණය කළා කිසිම විදේශ බලවේගයකට මේ මාතෘ භූමියට අත තියන්න දෙන්නේ නෑ කියලා. වෙන කිසිම ත්‍රස්තවාදී ව්‍යසනයකට ඉඩ තියන්නේ නෑ කියලා.

නමුත් ජනාධිපතිතුමනි එම්.සී.සී ගිවිසුමට මොකද වෙන්නේ? එම්.සී.සී ගිවිසුම ඇතුළු පසුගිය රජය සමයේ සැලසුම් කළ ගිවිසුම් වත්මන් රජයටත් අත්සන් කරන්න වෙනවා නේද? ඔබතුමා දක්ෂ ජනාධිපතිවරයෙක් හැටියට කියන්න තිබුණා එම්.සී.සී ගිවිසුම ඇතුළු කිසිම ගිවිසුමකට අපි අත්සන් කරන්නෙත් නෑ, අත්සන් කරන්න ඉඩ තියාගන්නෙත් නෑ කියන එක. ඔබතුමා කරන හැම දේකටම හොඳ ප්‍රතිඵල තියෙනවා.

හැබැයි අද වන විට කොවිඩ්-19 කොරෝනා වෛරසය නිසා රුපියල් බිලියන ගණන් ලැබිලා තියෙනවා. වත්මන් රජයේ පොහොට්ටුවේ ඇතැම් සාමාජිකයෝ ගෙවල්වලට ගිහිල්ලා ෆෝම් බෙදලා, රුපියල් 5000 නුදුන්න නිසා සියලු පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් එක්ක සාකච්ඡාවක් කෙරුවා. මේවා වෙනවා නම් කොමසාරිස්තුමනි කරුණාකරලා රාජ්‍ය සේවයේ ග්‍රාම සේවක, දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් යොමු කරලා මේ රුපියල් 5000 මුදල දෙන්න කියලා. කොමසාරිස්තුමනි, ඔබතුමා මේ රුපියල් 5000 දෙන එක නතර කරන්න කියලා කිව්වා. මම යෝජනා කරනවා මීට වඩා හොඳ විකල්පයකට ගියා නම් හොඳයි කියලා. එමෙන්ම රුපියල් 5000 දීම සිදුවිය යුත්තේ රාජ්‍ය නිලධාරීන් හරහා මිසක් පොහොට්ටුවේ මන්ත්‍රීවරු හරහා නොවේ.’’

බත්තරමුල්ලේ

සීලරතන හිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 12 =