ජනාධිපතිට දෝෂාභියෝගයක්…!

0
641
- Advertisement -

හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බැවින් ජනාධිපතිවරයාට එරෙහිව විශේවාස භංග යෝජනාවක් ගෙන ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසයි. ව්‍යවස්ථා සභාව පිළිබදව ජනාධිපතිවරයා විසින් මෑතක දී පළ කළ අදහස් සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කිරීම හරහා තහවුරු වන්නේ ජනාධිපතිවරයා හිතා මතාම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බව යැයි ලාල් කාන්ත පවසයි. මේ තත්ත්වය මත, රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට නම් ජනාධිපතිවරයා ඉවත් කළ යුතු යැයි ඔහු යෝජනා කරයි.