ජනාධිපතිගේ නියෝගය
ලීසිං සමාගම් ගණන් නොගනී.
පාසල් සිසුන් ප්රවාහනය කරන රථවලට මාස හයක ලීසිං සහනයක් ලබා දෙන බව ජනාධිපතිතුමා විසින් ප්රකාශ කළද, ලීසිං සමාගම්, තමන්ට එවැනි සහනයක් නොදෙන බව, සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්රවාහන සේවා සංගමය පවසයි.
අදාල ලීසිං සහනය ලබා ගැනීම සදහා ගිය විට, එවැනි චක්රලේඛයක් තමන්ට ලැබී නැති බව ලීසිං සමාගම් ප්රකාශ කරන බවද එම සංගමය පවසයි.
ලීසිං වාරික නොගෙවන්නේ නම් දඩමුදල් අය කර ගැනීමට සිදුවන බවත්, දිගින් දිගටම වාරික ගෙවීම පැහැර හරින්නේනම්, අදාල වාහල අත්පත් කර ගැනීමට සිදුවන බවත් ලීසිං සමාගම් තමන්ට පවසන බවද පාසල් ළමයින් ප්රවාහන සේවා සංගමය පවසයි.
පෞද්ගලික මගී ප්රවාහන සේවා බස් රථවලට ලීසිං වාරික සදහා පොලිස 4% ක් වද්දී, පාසල් දරුවන් ප්රවාහනය කරන වෑන් රථ සදහා 11% ක් තරම් ඉහළ පොලියක් අය කරන බවද පැවසේ.