“ජනාධිපතිගේ නියෝගය ක්‍රියාත්මක නොවේ. කටුනායක ගුවන්තොටුපොලේ පී.සී.ආර් පරීක්ෂණ කළ හැකි රසායනාගාරයක් තවමත් ස්ථාපිත කර නෑ.” රවී කුමුදේශ්

0
564
- Advertisement -
Share

ජනාධිපතිගේ නියෝගය ක්‍රියාත්මක නොවේ. කටුනායක ගුවන්තොටුපොලේ පී.සී.ආර් පරීක්ෂණ කළ හැකි රසායනාගාරයක් තවමත් ස්ථාපිත කර නෑ.
රවී කුමුදේශ්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ හැකි, රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයා හා කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කරන ලද දැනුම් දීම නොසලකා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන බවට, වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තිකයන්ගේ විද්වත් සංවිධානයේ සභාපති, රවී කුමුදේශ් මහතා පවසයි.

විදේශ රටවල සිට පැමිණෙන්නන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ දී සිදු කරන බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගෙන ගියද, ඇත්තටම සිදුවනනේ පී.සී.ආර්. පරීක්ෂණ සදහා සාම්පල ලබා ගැනීම පමණක් බව රවී කුමුදේශ් මහතා පවසයි.

එසේ ලබා ගන්නා සාම්පල රජයේ පරීකෂණාගාර වෙත මෙන්ම, පෞද්ගලික අංශයේ පරීක්ෂණාගාර වෙතද යොමු කරනු ලැබේ. ඒ හරහා, පෞද්ගලික අංශයට මුදල් උපයාගත හැකි ක්‍රමයක් ද සකසා ඇති බවට රවී කුමුදේශ මහතා චෝදනා කරයි.

විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් ගුවන්තොටුපලේ දී ම පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර ආසාදිතයන් හදුනාගැනීම කළ යුතු බවත්, සාම්පල පමණක් ලබාගෙන අදාල පිරිස් නිරෝදායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බව ද ඒ මහතා පවසයි.
අනිද්දා පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =