ජනාධිපතිගෙන් සප‍්‍රයිස් එකක්.

0
99
- Advertisement -

චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා, [Sebastian Piñera] වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඔහුගේ මුළු අමාත්‍ය මණ්ඩලයම විසුරුවා හැර තිබේ.

චිලීයේ අගනුවර වූ සන්තියාගෝ නුවරට රැස් වී, මිලියන ගණනක් වූ උද්ඝෝෂකයෝ, පසුගිය සතිය පුරා, ආණ්ඩුකරණයේ ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිිටියෝ ය. ඊට කන්දීමක් ලෙසයි, ජනාධිපති සෙබස්තියන් පිනේරා මෙම තීරණය ගෙන ඇත්තේ.

පසුගිය සති කිහිපය තිස්සේ බලපැවැත් වූ ඇදිරි නීතිය ද ජනාධිපතිවරයා ඉවත් කර තිබේ.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සදහා සහභාගී වූ සිවිල් වැසියන් 17 දෙනෙකු පමණ මියගොස්, තවත් සිය ගණනක් තුවාල ලබා තිබුණි.

කැබිනට් මණ්ඩලය විසුරුවා හැර, අළුත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය, ඔවුන් ලැබූ ජයග‍්‍රහණයක් ලෙස, උද්ඝෝෂකයෝ සලකති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − six =