ජනාධිපතිගෙන් පොලීසියට අභියෝගයක්..!

0
593
- Advertisement -

වෙසක් පෝයට පෙර කසිප්පු රටින් තුරන් කිරීමට කටයුතු කළ නොහැකි වුවහොත්, පොලීසිය වැඩ බැරි ආයතනයක් ලෙස සැලකීමට සිදුවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූ පොලීසියට සහ ති‍්‍රවිධ හමුදාවට කසිප්පු ජාවාරම පාලනය කිරීම එතරම් අපහසු කාර්යයක් නොවන බවද ජනාධිපතිවරයා පවසයි. එතුමා මේ බව පැවසූවේ, බත්තරමුල්ල වෝටර්ස් එජ් හී අද පැවති මත්ද්‍රව්‍ය පාලනය සදහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව අමතමිනි.