ජනවාරි 01 සිට අපේ‍්‍රල් 31 දක්වා, බුද්ධි ප‍්‍රධානියාගෙන් දුරකථන ඇමතුම් 221ක් ලැබුනත්, ප‍්‍රහාරය ගැන කිසි දෙයක් කිව්වේ නෑලූ…! මෛත‍්‍රී කියයි.

0
463
- Advertisement -

ජනවාරි 01 සිට අපේ‍්‍රල් 31 දක්වා,
බුද්ධි ප‍්‍රධානියාගෙන් දුරකථන ඇමතුම් 221ක් ලැබුනත්,
ප‍්‍රහාරය ගැන කිසි දෙයක් කිව්වේ නෑලූ…!
මෛත‍්‍රී කියයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබදව, එම ප‍්‍රහාරය සිද්ධ වීමට පෙර, තමන් කිසිවක් නොදැන සිටි බව, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යළිත් වතාවක්, පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරිම සදහා පිහිටුවන ලද ජනාධිපති කොමිසම හමුවේ පවසා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, නිලන්ත ජයවර්ධන මහතා පවසා තිබුණේ, අපේ‍්‍රල් 11 වන දා වන විටත්, එවැනි ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව, ආරක්ෂණ නිළධාරීන් ද ඇතුළුව 15,000 ක් පමණ දෙනා දැන සිටි බවයි.

පහළොස් දහසක පමණ පිරිසක් ප‍්‍රහාරය ගැන දැන සිටි බව පැවසූවත්, තමන් එ ගැන දැන නොසිටි බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා, දිනපතාම ඔබට කතා කරමින් බුද්ධි තොරතුරු ලබා දුන්නා දැයි කොමිසම විමසූ අවස්ථාවේ දී, හිටපු ජනධිපතිවරයා පවසා සිටියේ, එසේ දිනපතා ඔහු තමන්ට කතා නොකළ බවයි.

එම අවස්ථාවේ දී කොමිස තවත් වැදගත් තොරතුරක් අනාවරණය කර සිටියේ ය. එය නම්, පාස්කු ප‍්‍රහාරය සිද්ධ වූ 2019 වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට අපේ‍්‍රල් මාසයේ 31 වෙනිදා දක්වා අතර කාලයේ දී, රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා වන නිලන්ත ජයවර්ධන, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට දුරකථන ඇමතුම් 221 ක් ලබා ගෙන ඇති බවයි.

එමෙන්ම, අපේ‍්‍රල් මාසයේ පළමුවැනිදා සහ අපේ‍්‍රල් මාසයේ 21 වන දා යන කාල සීමාව තුළ දී, හිටපු බුද්ධි ප‍්‍රධානියා විසින් හිටපු ජනාධිපතිට දුරකථන ඇමතුම් 20 ක් ලබා ගෙන ඇති බවද හෙළි දරව් විය.

මේ සියළු හෙළිදරව් මධ්‍යයේත්, හිටපු ජනාධිපතිවරයා සහතික කරමින් කියා සිටින්නේ, පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සිද්ධ වන තුරුම, තමන් ඒ පිළිබදව කිසිවක් දැන නොසිටි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + thirteen =