ජනපති සියල්ල වෙනස් කරයි. සබීතාගේ බිල්ඩිමට මාසෙකට රුපියල් මිලියන 21 ක් ගෙවූ දුමින්ද දිසානායකත්, සාමාන්‍ය මගී පර්යන්තයෙන් රට යයි.

0
667
- Advertisement -

මැතිඇමතිවරු විදේශ ගමන් සදහා සහභාගී වීමේ දී, සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට වී.අයි.පී පර්යන්තය භාවිතා කරන්නේ නම්, ඒ සදහා ඩොලර් 1000 ක මුදලක් ගෙවිය යුතු බවට වූ නියෝගයක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ එම නියෝගයට අවනත වෙමින්, පසුගිය අට වන දා, කත්මණ්ඩු නුවර පැවැත්වෙන, දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ නිල රාජකාරීමය අවශ්‍යතාවයක් සදහා නේපාලය බලා පිටව ගිය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තය භාවිතා කරන ආකාරය දැක්වෙන ඡුායාරූප කිහිපයක් ලීඩර් ඩොට් එල්කේ වෙබ් අඩවියේ පළ කර තිබේ.

පසුගිය යහපාලන රජය සමයේ, කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යෑම සදහා, සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි ගොඩ නැගිල්ලක් රුපියල් මිලියන 21 ක මාසික කුලී පදනම යටතේ ලබා ගැනීම සම්බන්ධයෙන්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එරෙහිව ප‍්‍රබල විරෝධයක් එල්ල වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − five =