ජනපති සහ ඉන්දීය අගමැති පැයකට තනිව මුණ ගැසේ.

0
500
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැයක පමණ කාලයක් තනි සාකච්ඡුාවක් සිදුව ඇති බව පැවසේ.

මෙම සාකච්ඡුාවේ දී ඉන්දු ලංකා ධීවර ගැටළුව සහ ලංකාවේ සංහිදියා කි‍්‍රයාමාර්ග පිළිබදව රාජ්‍ය නායකයන් දෙදෙනා සාකච්ඡුා කර ඇති බවයි පැවසෙන්නේ. මෙම සාකච්ඡුාවෙන් පසුව, දෙරටේ රාජ්‍ය නායකයන් මාධ්‍ය වෙත ඔවුන්ගේ අදහස් ප‍්‍රකාශ කරන ලදී.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ, ලංකාවේ නව රජය 13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අඛණ්ඩව කි‍්‍රයාත්මක කරනු ඇති බව තමන් විශ්වාස කරන බවයි. ඊට අමතරව, ලංකාවේ දෙමළ ජනයාගේ සමානාත්මතාවය, යුක්තිය සහ ගෞරවය වෙනුවෙන් සංහිදියා කි‍්‍රයාමාර්ග දිගටම කි‍්‍රයාත්මක කරනු ඇති බවටත් තමන් විශ්වාස කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =