ජනපති වැය ශීර්ෂය පරද්දනවා…! එජාප පසුපෙළ මන්ත‍්‍රීකණ්ඩායම කියයි.

0
647
- Advertisement -

ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය හැරුණු කොට, අනෙක් සියළු වැය ශීර්ෂ පරාජය කිරීමට එජාප පසුපෙළ මන්ත‍්‍රීකණ්ඩායම කි‍්‍රයා කරන බව හේෂා විතානගේ මන්ත‍්‍රීවරයා පවසයි. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයන්ට එරෙහිව ඡුන්දය දීමට මුලදී ඉතා සුළු පිරිසක් පමණක් සිටියද, මේ වන විට පනහක හැටක පිරිසක් තමන් සමඟ එකතුව සිටින බව මන්ත‍්‍රීවරයා පවසයි. මේ පිරිස අතර ඇමතිවරුද සිටින බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රී කණ්ඩායම ගෙන තිබෙන තීරණය සමග තමන් කිසිසේත්ම එකඟ නොවන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. ජනාධිපතිවරයා යනු රටේ රජතුමා බවත්, රජතුමා කන්න බොන්න නැති තත්ත්වයකට පත් කරනවාට තමන් විරුද්ධ බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × one =