ජනපති මැදිහත් වෙයි. විදුලිය කප්පාදුව නවතී.

0
277
- Advertisement -

ජනපති මැදිහත් වෙයි.
විදුලිය කප්පාදුව නවතී.

ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.
අද පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡුාවකින් පසුව විදුලි බල අමාත්‍යවරයා මෙම තීන්දුව දැනුම් දී තිබේ.

වරායේ නැංගුරම් ලා තිබෙන ඉන්ධන නෞකා දෙකක් මුදා ගැනීම සදහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙන බව ද පැවසේ.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය , ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 93ක ණය ගෙවීම සඳහා මුදල් ලබා දෙන ලෙස ජනපතිවරයා මහාභාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන් බවයි.