ජනපති නියමයෙන් පහේ ශිෂ්‍යත්වය අහෝසියි…!

0
595
- Advertisement -

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ මෛත‍්‍රී ශිල්ප කළා මණ්ඩපය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව රජය මේ තීරණයට පැමිණ ඇති බවයි. පහේ ශිෂ්‍යත්වය දරුවන්ගේ අනාගත ඉරණම තීන්දු කරණ විභාගයක් නොවන බවත්, විශ්ව විද්‍යාලය ප‍්‍රවේශයට සුදුසුකම් ලබන දරුවන්ගෙන් බහුතරය පහේ ශිෂ්‍යත්වය අසමත් වූවන් බවත් ජනාධිපති වරයා පැවසීය.