ජනපති ඝාතන කුමන්ත‍්‍රණය බොරුවක්…!

0
584
- Advertisement -

රිමාන්ඞ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හෝ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන චෝදනා නැති බව යළිත් තහවුරු වී තිබේ. ඒ, නාලක සිල්වා සම්බන්ධ නඩුව මාර්තු 06 වැනි බදාදා කොටුව මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ කැදවූ අවස්ථාවේ දී ය. එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කීවේ, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න අල්විස් ඝාතනය කිරීම සදහා නාලක සිල්වා හා නාමල් කුමාර යන අය අතර අදහස් හුවමාරු වූ බවට තහවුරු වන තොරතුරු විමර්ෂණවලදී හෙළි වී ඇති බවයි. එම තොරතුරු ඔහුට හා නාමල් කුමාරට එරෙහිව ප‍්‍රසන්න අල්විස් මහතා ඝාතනයට කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට ප‍්‍රමාණවත් වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැන් වූවේය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හෝ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සදහා කුමන්ත‍්‍රණය කළ බවට නාලක සිල්වාට එරෙහිව තොරතුරු ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කිසිම අවස්ථාවක අධිකරණයට කීවේ නැත.
අනිද්දා ඉරිදා පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − 3 =