ජනපති කළ තවත් පත් කිරීමක් අගමැති වෙනස් කරයි…?

0
948
- Advertisement -

ශ‍්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය මහතා පත් කරන ලද බව, මුදල් ආර්ථික සහ ප‍්‍රතිපත්ති සැලසුම් අමාත්‍යංශය මගින් පසුගිය දා නිවේදනය කළේ ය.

මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය මහතා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව සිටි නිළධාරියෙකි.

කෙසේ වෙතත්, රේගුවට සම්බන්ධ වෘත්තීය සමිත රැුසක්, රේගු අධ්‍යක්ෂක ධූරය සදහා හමුදා නිළධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබුණි.

අදාල පත් කිරීම ඉවත් නොකරන්නේ නම්, වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බවද එම වෘත්තීය සමිති පවසා තිබුණි.

කෙසේ වෙතත්, රේගු අධ්‍යක්ෂක ධුරය සදහා හමුදා නිළධාරියෙකු පත් නොකරන බවත්, සිදු කර තිබෙන පත් කිරීම වෙනස් කරන බවටත්, අග‍්‍රාමාත්‍යවරයා අදාල වෘත්තීය සමිති වෙත පොරොන්දු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 12 =