ජනපතිට අගමැතිගෙන් චෝදනා – වැඩබලන ඇමැතිවරුන් පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි

0
720
- Advertisement -

පසුගිය දා ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ගෙ පුරප්පාඩු වූ අමාත්‍යංශ තුනකට වැඩබලන ඇමතිවරුන් තිදෙනෙක් පත්කිරිම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත.

පසුගිය ජුනි 03 වැනිදා රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, කබීර් හෂිම් සහ අබ්දුල් හලිම් යන ඇමතිවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යංශ 04ක් සදහා රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමතිවරුන්ගෙ නම් එජාපය විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට පසුගිය සතියේදි යවා ඇත.

කෙසෙ නමුත් පුරප්පාඩු ඇති වූ අමාත්‍යංශයන්හි වැඩ බැලිම සදහා ලකී ජයවර්ධන,බුද්ධික පතිරණ සහ අනෝමා ගමගේ යන නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරිමටයි මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළේ.

ඇමතිවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක එම අමාත්‍යංශ වලට වැඩබලන ඇමතිවරුන් පත්කළ නොහැකි අතර, 19 ව්‍යවස්ථා සංශෝධනය අනුව එම පත්කිරිම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යවරයා විසින් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + eleven =