ජනපතිගේ හරිත කෘෂිකර්ම ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්….! දැන්වත් වැරදි තීරණය ඉවත් කර ගන්න..!

0
206
- Advertisement -

ජනපතිගේ හරිත කෘෂිකර්ම ප‍්‍රතිපත්තියට
ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්….!
දැන්වත් වැරදි තීරණය ඉවත් කර ගන්න..!


ජනපතිවරයාගේ හරිත කෘෂිකර්ම ප‍්‍රතිපත්තියට එරෙහිව, ඇමති විමල් වීරවංශ ඊයේ මාධ්‍යවේදීන් හමුවේ දැඩි විවේචනයක් ඉදිරිපත් කළේ ය.

හරිත කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය හේතුවෙන් වාණිජ කෘෂිකර්මය විනාශ වෙමින් තිබෙන බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ ආහාර සුරක්ෂිතතාව දැඩි අවදානමකට මුහුණ දී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

දැන්වත් වැරැුද්ද නිවැරදි කර ගත යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. වැරැුද්ද නිවැරදි කර ගැනීම ලජ්ජාවට කාරණයක් නොවන බව පවසන අමාත්‍යවරයා, ලජ්ජාවට කාරණය වන්නේ වැරදුණු බව දැන දැනත් වැරැුද්ද නිවැරදි කර නොගෙන ඉදිරියට යාම බවද පවසයි.

ගොවියන්ගේ විරෝධය හමුවේ තමන් ගෙන ආ පනත් දෙකක් ඉවත් කර ගැනීමට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ද සිදු වූ බව අමාත්‍යවරයා සිහිපත් කරයි.

අස්වැන්න පාළු වීම හේතුවෙන් ගොවියන්ට ගෙවීමට සිදු ව තිබෙන වන්දිය, පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වැය කළ මුදලටත් වඩා වැඩි බවයි අමාත්‍යවරයා පවසන්නේ. එයින්ම කර ගත් වැරැුද්දේ තරම තේරෙන බවද ඔහු පවසයි.