ජනපතිගේ විශේෂ අනුමැතියෙන්
විදෙස් ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් 401 ක්
ඊයේ සහ අද හිමිදිරියේ දිවයිනට ගෙන්වයි.
ඊයේ රාති‍්‍රයේ සහ අද හිමිදිරියේ දී දිවයිනට පැමිණි විශේෂ ගුවන් යානා තුනකින්, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 401 දෙනෙකු, යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
කොරෝනා වසංගතය හේතුවෙන්, රැුකියා අහිමි වී ශ්‍රී ලාංකිකයන් පිරිසක්, ජනාධිපතිගේ විශේෂ අනුමැතිය මත මෙසේ දිවයිනට ගෙන්වා ඇති බව පැවසේ.
ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ සාම හමුදාව හා සම්බන්ධ ශ්‍රී ලාංකීය හමුදා නිළධාරීන් 76 දෙනෙකුද දිවයිනට පැමිණ තිබේ.
මෙම සියළු පිරිස්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණ ඇති අතර, පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් පසුව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.