ජනපතිගේ විරෝධයට කතානායක දුන් උත්තරය.

0
779
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් පසුගිය දිනෙක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විවේචනාත්මකව අදහස් දක්වා තිබුණි. විශේෂයෙන්ම, අදාල තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත කිරීම ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් විය. එසේම, මින් ඉදිරියට සේවයේ නිරතව සිටින කිසිදු ආරක්ෂක නිළධාරියෙකු විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නොයවන බවටද ජනාධිපතිවරයා පැවසී ය. මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් කතානායක කරූ ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම විශේෂ නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ කරමු. කෙසේ වෙතත් අදාල නිවේදනයේ සඳහන් වන ආකාරයට, විශේෂ කාරක සභාව ජනමාධ්‍යයට විවෘත කරනවාද නැද්ද යන්න තීරණය කළ හැක්කේ කාරක සභාවටම පමණි. විශේෂ කාරක සභාව හමුවට කැදවන නිළධාරීන් එහි පැමිණිය යුතුය. නොපැමිණෙන්නේ නම් එහි ප‍්‍රතිවිපාක භුක්ති විදීමට ඔවුන්ට සිදුවනු ඇත.

ජනමාධ්‍ය නිවේදනයයි

මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුව වෙත වාර්ථා කිරීමේ විශේෂ කාරක සභාවේ රැස්වීම් සහ අදාළ සාක්ෂි විමසීමේ අවස්ථාවන් මාධ්‍ය වෙත විවෘත කිරීම පිළිබඳව පාර්ශව කිහිපයක් විසින් විවිධ මත දක්වා ඇති බව පෙනී යයිග

විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් විසින්ද මෙම කරුණ අරභයා මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇති බැවින් කරුණු පැහැදිළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් වේග

අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුව අංශ කිහිපයකින් ක්‍රියාත්මක වෙමින් සිටීග ඉන් ප්‍රධානතම කොටසක් වනුයේ ජාතික ආරක්ෂාව සහ දිගුකාලීන සංහිඳියාව ගොඩනැඟීමත් සියළු අන්තවාදයන් පිටුදැකීමත් සඳහා වන නීති සම්පාදනය කිරීම වෙනුවෙන් අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවන් අඛණ්ඩව රැස්වෙමින් පුළුල් ක්‍රියාදාමයක නිරතව සිටීමයිග

එහි ප්‍රථිඵලයක් ලෙස මේ වන විටත්පාර්ලිමේන්තුවේ සියළු ප‍ාර්ශවයන් ගේ එකඟත්වයෙන් සහ විවිධ ආගමික නායකයන් දැක්වූ අදහස් සැළකිල්ලට ගෙන ආගමට මුවා වී සිදු කෙරෙන බහු විවාහල ළමා විවාහ ආදිය රටේ පොදු නීතියට යටත් කිරීම අන්තවාදය පතුරුවන පාසල් සහ සියළු අන්දමේ අධ්‍යාපන ආයතන පිළිබඳව පියවර ගැනීම අනන්‍යතාවය වසන් කරන ඇඳුම් විලාසිතා සම්බන්ධව පියවර ගැනීම ජාතීන් අතර භේද ඇතිකරන වෛරී කථනයන්ට එරෙහිව ආදී තීරණාත්මක කරුණු රැසක් සම්බන්ධව පොදු එකඟතාවයන්ට පැමිණීමට හැකිව තිබේග

මේ හැරුණුකොට අප්‍රේල් 21 වන දින සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්ථා කිරීම පිණිස පත් කරන ලද විශේෂ කාරක සභාවද සිය විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇතග මෙම කාරක සභාව පත්කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟත්වයකට පැමිණ අත්සන් කරන ලදුව ගනු ලැබූ තීන්දු අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකිනිග එළෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ කාරක සභාවේ සමාජිකත්වයට මන්ත්‍රීවරු 12 දෙනෙකු :ආණ්ඩු පක්ෂය 7 – විපක්ෂය 5* නම් කෙරිණි :මෙම කාරක සභාවට විපක්ෂයෙන් ලැබුණේ අර්ධ සහභාගීත්වයක් පමණක් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් කළ සාමාජිකයන් කමිටුව වර්ජනය කරන ලදිග ඔවුන්ද සහභාගී වූයේ නම්ල මෙහි අවධානය යොමු කරන ගැටළුව කාරක සභාව තුළදීම විසඳාගත හැකිව තිබිණිග*

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව ස්ථාවර නියෝග ප්‍රකාරව පැවැත්වෙන මෙම කාරක සභාවේ කටයුතු ජනමාධ්‍ය වෙත විවෘත කිරීම ද පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීයග එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් පවතින රටකට නුහුරු අත්දැකීමක් නොවේග මෑතක දී ඇමරිකා එක්සත් ජනපදයේ නීතිපතිවරයා සහ රහස් තොරතුරු සේවයේ :ක්‍ෂ්* අධ්‍යක්ෂ වරයා ඇමරිකානු මහජන කොන්ග්‍රසය විසින් පත් කළ කාරක සභාවක් හමුවට කැඳවා ප්‍රශ්ණ කරන අයුරු ලොව පුරා ජාත්‍යන්තර මාධ්‍යය සජීවීව විකාශය කළ ආකාරය ද මෙහි ලා පෙන්වා දිය හැකග එය ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව ලොව දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල සාමාන්‍ය ලක්ෂණයකිග

කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම අදාළ දිවුරුම ලබා දීමෙන් පසු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ යැයි අදහස් කෙරෙන කරුණු මාධ්‍යය ආවරණයෙන් බාහිරව ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බව පැහැදිළිව දැණුම් දෙනු ලැබේග

පසුගිය සතියේ ජනාධිපති ලේකම් වරයා වෙත නීතිපතිවරයා විසින් එවන ලද ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබිණිග එහි සඳහන් වූයේ කාරක සභාව හමුවේ හෙළිවන ඇතැම් කරුණු දැනට පැවැත්වෙන පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බවයිග එම ලිපිය ලද විගස අදාළ කමිටු සාමාජිකයන් ට ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස කථානායකවරයා විසින් දන්වන ලද අතර කිසිඳු අයුරකින් ජාතික ආරක්ෂාවට අගතියක් නොවන ලෙස කටයුතු කිරීමට උපරිම වශයෙන් අවධානය යොමු කරන ලෙස ද දැණුම් දෙන ලදිග ඊට අමතරව කාරක සභා සාමාජිකයන් කැඳවා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා උපදෙස් ලබා දෙන ලදිග

කෙසේ වෙතත් 2019ග06ග07 දින අතිගරු ජනාධිපතිතුමා ජනමාධ්‍යය ඉදිරියේ සඳහන් කරන ලද්දේ එකී ලිපිය එතුමාගේ නියෝගයක් බවත් එය පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා විසින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබූ බවත්යග

ජනාධිපතිවරයා විසින් යොමු කරන සංදේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුයේ සභාවට එහි ඇති අදාළත්වය අනුවයග කාරක සභාවක කටයුත්තක් සම්බන්ධව ජනාධිපතිලේකම්වරයා විසින් එවන ලද ලිපියක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගීග

එලෙසින්ම පැහැදිළි කළ යුත්තේ ස්ථාවර නියෝගයන් ට අනුව පොදු එකඟතාවයකින් ආරම්භ කළ පාර්ලිමේන්තුව අනුමත කරන ලද ක්‍රියාදාමයන් නැවැත්වීමේ අවසන් බලය පාර්ලිමේන්තුව සතුවම පවතින බැවින් මෙම විශේෂ කාරක සභාවේ කටයුතු වැළැක්වීම කථානායක වරයාගේ අභිමතය පරිදි සිදුකළ නොහැකි බවයිග

එසේ හෙයින් උක්ත කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යයන්ට විවෘතකිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය ගැනීමට එම කාරක සභාවට හැකියාව ඇතග ඒ පිළිබඳව කථානායකවරයා පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට ද ඉදිරියේ දී පියවර ගනු ඇතග

කෙසේ වුවද වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටීග එය කඩකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිළි අවබෝධයක් ඇති බව ද නිසැකයග

කිසිවිටකත් පාර්ලිමේන්තුව ජනාධිපතිතුමන්ගේ බලතල අභියෝගයට ලක් නොකරන නමුත් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද කාරක සභාවක ක්‍රියාදාමය විවේචනයට ලක්වීම තුළින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි මතයක් පිළිබඳව නිවැරදි තොරතුරු සැළකිරීම සඳහා පමණක්ම මෙම කරුණු සද්භාවයෙන් යුතුව දැණුම් දෙන බවද අවධාරණය කරමුග

කථානායක කාර්යාලය
2019 ජුනි 08

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − three =