ජනපතිගේ වත්කම් හා ගනුදෙනු ගැන හොයන්න…! ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්…!

0
594
- Advertisement -
රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ අක‍්‍රමිකතා සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම වෙත, ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද අයථා ඉපයීම් පරීක්ෂා කරන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ජනාධිපතිවරයා විසින් ලබාදුන් වත්කම් බැරකම් ප‍්‍රකාශය අනුව ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් සතු වූයේ පොලොන්නරුවේ නිවස, රුපියල් ලක්ෂ 5ක් වූ බැංකු ගිණුම් අයිරාව හා අමාත්‍ය වැටුප පමණක් බව පැමිණිල්ලේ සදහන් වී තිබේ.
නමුත් ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේනට මේ වනවිට පොළොන්නරුවේ බැදිවැව ‘තිදස් අරණ’ නමින් හෝටලයක් පවතින බවත්, ජනාධිපති සොයුරු ඩඞ්ලි සිරිසේන නුවර එළියේ ඉදිකර ඇති හෝටල් සදහා නිසි ක‍්‍රමවේදයට අවසර ලබාගෙන නොමැති බවත්, 2015 ට පෙර හා ඉන් පසුව, ඩඞ්ලි සිරිසේනගේ වත්කම් පිළිබදව සොයා බැලීමක් කරන ලෙසත් පැමිණිල්ලේ සදහන් වේ.
එසේම, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී නුගේගොඩ රේල්වේ මාවතේ පිහිටි එල්කාඩෝ අධිපති අතුල රොහාන් වීරරත්නගේ නිවසේ තිබී හමු වූ ඇමරිකන් ඩොලර් මිලියන 190 ක මුදල පිළිබඳ පරීක්ෂණ යටගොස් ඇති බවත් සදහන් වේ.
ජනාධිපතිවරයා විසින් සිරස මාධ්‍ය ජාලයට රුපියල් බිලියන ගණනක් වටින සංඛ්‍යාත නොමිලේ ලබා දී ඇති බවත්, ජනාධිපති මන්දිරය තිබියදී, ජනාධිපතිවරයා විසින් පැජට් පාරේ රජයේ නිවාස තුනක් එක්කර ඔහුගේ පරිහරණය සදහා එක් නිවසක් බවට පත් කිරීමට රුපියල් කෝටි ගණනක් අවභාවිතා කර ඇති බවද සදහන් වේ.
ජනාධිපතිවරයා විසින් 2015 සිට 2018 දක්වා යෙදුණු විදේශ සංචාර සදහා රැගෙන ගිය පිරිස හා ඔවුන්ගේ වියදම් පිළිබදව සොයා බලන ලෙසත්, ප‍්‍රීමා පිටි සමාගමේ සභාපති වන බී.සී. ටෑන්ග් නැමැත්තාට කටුනායක සීදූව මාර්ගයේ අක්කර 50 ක ඉඩමක් ලබා දී ඇති බවත්, ඒවා පිළිබදව සොයා බලන ලෙසත් පැමිණිල්ල විසින් තවදුරටත් ඉල්ලා ඇත.
2019.02.10 අනිද්දා පුවත්පත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − eleven =