ජනපතිගේ ප්‍රකාශ පිළිබඳ එක්සත් රාජධානිය දැඩි අවධානයෙන්

0
841
- Advertisement -

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සදහා තමන් මේවන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පල කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පල වන වාර්තා පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව එක්සත් රාජධානිය පවසන්නේය.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් රාජධානිය විරෝධය පල කරන බවයි.

මිට මාස 06ක පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසිවාරයේදී මරණ දණ්ඩනය භාවිතා කිරිමට එරෙහි ගෝලීය තහනමට පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කර ඇති බව අදාල නිවේදනයේ සදහන් කර තිබේ.

එම ප්‍රතිපත්තිය ආපසු හැරවීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්ථාවරයට, සංචාරක කර්මාන්තයට සහ ව්‍යාපාර කටයුතුවලට ප්‍රතිගාමී පියවරක් වනු ඇති බව එක්සත් රාජධානීය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ නම් ත්‍රස්තවාදය වැලැක්විම ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරිමේ කාරනා සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරිමට අපහසු වනු ඇති බව අදාල නිවේදනයේ සදහන් වන්නේය.

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම අත්හිටුවන ලෙස දිගින් දිගටම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව ද එක්සත් රාජධානිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයෙන් තම සංවිධානය කම්පනයට පත්ව සිටින බවයි ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

එම ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නායික් මහත පෙන්වා දෙන්නේ වසර 43කට පසුව ශ්‍රි ලංකාව තුළ යලි මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පල කරන බවයි.

මෙම තීරණය ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර කීර්තියට හානිදායක වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාල තීරණය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නැවත සලකා බලනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවත් ක්ෂමා සංවිධානය පවසයි.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ මරණීඩ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම බරපතල අපරාධයක් බව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 7 =