ජනපතිගෙන් බලාපොරොත්තු වූ ගමන ඔහු වටා සිටින පිරිස සමග යා නොහැකි බව පේනවා.

0
456
- Advertisement -

ජනපතිගෙන් බලාපොරොත්තු වූ ගමන
ඔහු වටා සිටින පිරිස සමග යා නොහැකි බව පේනවා.

එක් රටක්, එක නීතියක් සහ දුෂණයෙන් තොර රාජ්‍ය පාලනයක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වුවද, ඔහු සමග වැඩ කරන පිරිස සමග, ජනාධිපතිවරයාට එම ගමන යාම අපහසු වී ඇති බව බස්නාහිර පළාතේ ප‍්‍රදාන සංඝානායක වේපතඉර හේමාලෝක හිමියෝ පවසති.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු බොහෝ පියවර, ජනාධිපතිවරයා ගනු ඇතැයි ජනතාව අපේක්ෂා කළද, එතුමන්ගේ ගමන් මග අවහිර වී ඇතැයි පෙනෙන්නට තිබෙන බව උන්වහන්සේ පවසති.

කොමිස්කාරයෝ නැති, පගාකාරයෝ නැති පාලනයක් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වුවද, පීසීආර් පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ දී එයිනුත් කොමිස් ගැසූ පුද්ගලයන් පිළිබදව වාර්තා වී ඇති බවටද උන්වහන්සේ චෝදනා කරති.
අද දිවයින පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 7 =