ජනපතිගෙන් කතාවෙන් අනතුරුව කඩහිමියන් සැමන් හංගයි.

0
655
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) ජාතිය අමතා සිදුකරන ලද කතාවේදී සැමන් ටින් එකක් රුපියල් 100 සහ පරිප්පු කිලෝවක් රුපියල් 65 ලබා දෙන බවට සිදුකළ ප්‍රකාශයත් සමග මීගහකිවුල ප්‍රදේශයේ හා ඒ අවට ප්‍රදේශවල ඇතැම් කූට වෙළෙඳසැල් හිමියෝ තම වෙළඳසැල්වල තිබූ භාණ්ඩ සැඟවීමටත් වෙනත් ස්ථාන කරා රැගෙන යාමට උත්සාහ දරමින් සිටින බවට ජනතාව චෝදනා කරති.

රජය මගින් සැමන් සහ පරිප්පු මිල පහත දැමූ පුවත සැලවීමත් සමගම මීගහකිවුල නගරයේ පිහිටි වෙළඳ සැලක තිබූ සැමන් ටින් තොගයක් වෙනත් ස්ථානයකට රැගෙන යාම සඳහා අද (18) උදෑසන ලොරි රථයකට ගබඩා කරන අයුරු ජනතාව දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප වෙළඳ සැල් හිමියාගෙගෙන්ද විමසුවෙමු. ඔහු මෙසේ කීය…

වෙළඳසැල තුල අවශ්‍ය තරම් පරිප්පු සැමන් තිබෙනවා. ජනතාවට හිඟයකින් තොරව ඒවා ලබා දීමටත් කටයුතු කරනවා. ඒත් විශාල පාඩුවක් දරාගෙන සැමන් ටින් එකක් රුපියල් සියයකට දෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් අප අදාල සමාගම දැනුවත් කලා.දැනට වෙළද සැල තුල තිබෙන සැමන් තොග ගබඩා කර තබන ලෙසත් ඒ වෙනුවට නව සැමන් තොගයක් අපට නිකුත් කරන බවත් අදාල සමාගම අපිට දැනුම් දුන්නා.

ඒ උපදෙස් අනුව තමයි අපි වෙළඳසැලේ තිබුණු වැඩිපුර සැමන් තොගය අද (18) ලොරියක පටවා අප වෙළඳසැල්ම අනෙක් ගබඩාවට රැගෙන යාමට කටයුතු කළේ. ‌මෙය භාණ්ඩ සැගවීමක් ලෙස තේරුම් ගන්න එපා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් ඒන්. පී සමරවික්‍රම මහත්මියගෙන්ද විමසුවෙමු.

මේ කාරණාව සම්බන්ධයෙන් අද (18)උදෑසන මටත් පැමිණිල්ලක් ලැබුණා. ඒ අනුව මම වහාම ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. අදාළ වෙළඳසැල් හිමියාගෙන් මේ පිළිබඳ මම විමසුවා. ඔහු පවසා සිටියේ සැමන් තොග ඔවුන්ගේ ගබඩාවට රැගෙන යන බවයි. එහිදී සැමන් තොග සඟවා තැබීමට කිසිම අරමුණක් නැති බව ඔහු ප්‍රකාශ කළා. පවත්නා නීතිමය තත්ත්වය මම ඔහුට පහදා දීමට කටයුතු කළා. ඒ වගේම පාරිභෝගික අධිකාරියට මම මේ සම්බන්ධයෙන් දුරකථන දැනුවත් කිරීමක් සිදු කළා.කොහොම වෙතත් මේ අවස්ථාවේ කිසියම් කෙනෙකු ජනතාවට භාණඩ නොදී සිටීමට නොහැකියි.

උපුටාගැනිම මව්බිම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =