ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂව ඡන්දය

0
1033
- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර මෙම තීරණයට එළඹුණු බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් ආණ්ඩුවෙහි සහ අමාත්‍ය මණ්ඩලයෙහි ප්‍රධානියා වන්නේ ද ශ්‍රීලනිප සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම වීම මෙහි ඇති විශේෂත්වයයි.

විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (11) පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවට දැනට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ ශ්‍රීලනිපය පක්ෂවී සිටී.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ තීන්දුව තීරණාත්මක වනු ඇත.