ජනතාව රජය පිළිබද කලකිරිලා අමාත්‍ය විදුර වික‍්‍රමනායක.

0
364
- Advertisement -

ජනතාව රජය පිළිබද කලකිරිලා
අමාත්‍ය විදුර වික‍්‍රමනායක.


පොදු මහත් ජනතාව රජය පිළිබදව කළකිරී ඇති බව සංස්කෘතික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

අනිද්දා පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
පොහොට්ටු සන්ධානය තුළ සිටින ඇතැම් නායකයන් කළකිරීමෙන්දැයි මාධ්‍යවේදියා ඇසූ විට අමාත්‍යවරයා පිළිතුරු දී ඇත්තේ, කළකිරීම පොදුමහත් ජනතාව රජය පිළිබදව කළකිරී සිටින බවයි.

රජය කිසියම් වැඩකොටසක් සිදුකර ඇතත්, ඒ කරුණු මතු වී නැති බව අමාත්‍යවරයා පවසයි. ඒ හේතුව මත රජයට එරෙහිව ”බොරු” සමාජගතව ඇති බවත්, නවීන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ඊට අනුබල දී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

ඊට අමතරව, තීන්දු තීරණ ගැනීමේ ගැටළුවක් රජය තුළ තිබෙන බවද අමාත්‍යවරයා පිළිගනියි. රට තුළ නිළධාරීවාදයක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බවත්, ඒ මත, ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණ පවා කි‍්‍රයාත්මක නොවන බවත් අමාත්‍යවරයා පවසයි. ජනතාව ආර්ථික වශයෙන් පීඩනයකට මුහුණ දී සිටින බවද අමාත්‍යවරයා පිළිගනියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 20 =