ඡන්දෙට සති දෙකකට කලින් තවත් රුපියල් 5000 බෙදා දීමේ සූදානමක්.

0
495
- Advertisement -

ඡන්දෙට සති දෙකකට කලින්
තවත් රුපියල් 5000 බෙදා දීමේ සූදානමක්.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින්, ඡන්දයට සති දෙකකට පෙර, තුන්වැනි වතාවටත් රුපියල් 5000 බැගින් බෙදා දීමට රජය සූදානමින් සිටින බව, සති අන්ත අනිද්දා පුවත්පත සදහන් කරයි.

අනිද්දා පුවත්පත මෙම පුවත වාර්තා කර ඇත්තේ, සමෘද්ධි අධිකාරියේන් ලැබුණු විශ්වාසවන්ත පුවතක් බව පවසමිනි.

මැතිවරණය ඉලක්ක කරගනිමින්, මෙසේ රුපියල් 5000 බැගින් අතට ලබා දුනහොත්, එය මැතිවරණ කොමිසම මගින් වැළැක්වීමේ අවදානමක් ඇති නිසා, එම මුදල් සමෘද්ධි බැංකුවල තැන්පත් කිරීමේ සූදානමක් ඇති බව ද පුවත්පත පවසයි.

තුන්වැනි වරට බෙදා දීමට සැලසුම් කර ඇති මෙම රුපියල් පන්දහසේ දීමනාව ලබා ගැනීමට කැමති අය, සමෘද්ධි බැංකුවල බැංකු ගිණුමක් විවෘත කළ යුතු බව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාපඥයන් පවසමින් යන බව ද පුවත්පත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − six =