“ඡන්දය දිනලා-ඇප අරන් එළියට එන්න. ස්ථිරවම ඇමතිධූරයක් දෙනවා.” පොහොට්ටු පක්ෂය පිල්ලෙයාන්ට කියයි.

0
917
- Advertisement -

ඡන්දය දිනලා-ඇප අරන් එළියට එන්න.
ස්ථිරවම ඇමතිධූරයක් දෙනවා.
පොහොට්ටු පක්ෂය පිල්ලෙයාන්ට කියයි.

දැනට බන්ධනාගාරගතව සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට, පොහොට්ටු පක්ෂයෙන් පොරොන්දුවක් ලබා දී ඇති බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එම පොරොන්දුව වන්නේ, මෙවර මහ මැතිවරණයෙන් ඔහු ජයග්‍රහනය ලැබුවෝතින්, ස්ථිර වශයෙන්ම අමාත්‍යධූරයක් ලබා දෙන බවට වූ පොරොන්දුවයි.

පිල්ලෙයාන් මෙවර මහමැතිවරණයට නැගෙනහිර පලාත නියෝජනය කරමින් තරගවදියි.

පිල්ලෙයාන් මේ වන විට බන්ධනාගාරගතව සිටියි. ඒ, ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.

ඬේලිමිරර් පුවත්පත ඇසුරෙනි.