ඡන්දය අවසන් වනතුරු පාසල් වසා තැබීමට තීරණය කරයි.

0
6524
- Advertisement -
Share

ඡන්දය අවසන් වනතුරු
පාසල් වසා තැබීමට තීරණය කරයි.

කන්දකාඩු කොරෝනා පොකුරේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, මහ මැතිවරණය අවසන් වන තෙක්, රට පුරා සියලු පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව, ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සෞඛ්‍ය අංශ බලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී, සෞඛ්‍ය අංශ විසින් මෙම යෝජනාව අධ්‍යාපන අංශ බලධාරීන් වෙත යොමු කර තිබේ.

අඩුම වශයෙන්, අගෝස්තු පස්වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය අවසන් වන තුරු පාසල් වසා තැබීම යෝග්‍ය බවයි සෞඛ්‍ය අංශ බලධාරීන් යෝජනා කර ඇත්තේ.

කෙසේ වෙතත්, මැතිවරණ රාජකාරී සදහා වෙන් කර තිබෙන පාසල්, එම රාජකාරී කටයුතු සදහා විවෘතව පවතිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =