චෝදනා රැසක් එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් ඉවත්කරයි

0
326
- Advertisement -
Share
4 / 100

චෝදනා රැසක් එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් ඉවත්කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ආනන්ද ජයලාල් වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කොට ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින්, මේ බව තහවුරු කර තිබේ.

ධූරයෙන් ඉවත් කර තිබෙන වෛද්‍ය ආනන්ද ජයලාල්ට එරෙහිව, විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා ඉල්ල වී තිබේ. විශේෂයෙන්ම, කොරෝනා දෙවන රැුල්ල හමුවේ පී.සී.ආර්. පරීක්ෂණද ඇතුළුව රසායානාගාර සේවා බිද වැටීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බවට, රජයේ වෛද්‍ය රසායානායාගර විද්‍යාඥයන්ගේ සංගමයේ ලේකම් රවී කුමුදේශ් මහතා විසින් ද චෝදනා නගා තිබුණි.

සේවයෙන් ඉවත් කර තිබෙන වෛද්‍ය ආනන්ද ජයලාල්ට එරෙහිව නැගී ඇති චෝදනා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වාම ගොස් ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + fifteen =