චෝදනා භාර දෙන්න. සාධාරණ විමර්ෂණයකින් පසු බදියුදීන් නිර්දෝශී වුවහොත් මාසයකින් නැවතත් ඇමතිකම.

0
732
- Advertisement -

පාස්කු ප‍්‍රහාරයට පසුව වැඩිම චෝදනාවන් ප‍්‍රමාණයක් එල්ල වූ මුස්ලිම් ජාතිකයා වූ යේ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාය. ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රහාරයේ වගකීම ඔහු මත පටවමින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්ද ගෙන ආවේ ය. කෙසේ වෙතත්, රිෂාද් බදියුදීන් ද ඇතුළුව ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරු සියළු දෙනා ඔවුන් මෙතෙක් දැරූ අමාත්‍ය ධූරවලින් පසුගිය සදුදා ඉවත් වුණේ ය.
හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහිව කිසියම් චෝදනාවක් ඇත්නම් ඕනෑම අයෙකුට ඒ චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයට, එෆ්.සී.අයි.ඞී ආයතනයට හෝ අල්ලස් හෝ ¥ෂණ විමර්ෂණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට පුළුවන. ඉදිරිපත් වන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමේ අවස්ථාව අදාල ආයතන වෙත ලබා දී තිබේ. පරීක්ෂණ මාසයක් ඇතුළත විමර්ෂණය කර අවසන් කළ යුතු අතර, අදාල චෝදනා සම්බන්ධයෙන් රිෂාද් බදියුදීන් නිර්දෝෂී වේ නම්, නැවත මෙතෙක් ඔහු දැරූ අමාත්‍ය ධූරය නැවත ඔහුට ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 15 =