චෝදනාව බොරු.! අවසන් මහා තරගයේ සියළු වෙනස්කම් සිදුකර ඇත්තේ ඇමති මහින්දානන්දගේ අනුමැතිය ඇතිවයි.

0
1935
- Advertisement -

චෝදනාව බොරු.
අවසන් මහා තරගයේ සියළු වෙනස්කම් සිදුකර ඇත්තේ
ඇමති මහින්දානන්දගේ අනුමැතිය ඇතිවයි.

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය, ලංකාව විසින් ඉන්දියාවට විකිණුවේ යැයි තමන් විශ්වාස කරන බව, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා සැක පළ කළේ ය.

ඔහුගේ එම සැකය තහවුරු කිරීම සදහා ඉදිරිපත් කළ කරුණු අතරින් එක් කරුණක් වූවේ, ක්‍රීඩා අමාත්‍යවරයා වන තමන්ගේ අනුමැතියකින් තොරව, තේරීම් කමිටුව විසින් අවසන් මහා තරගයට සහභාගීවන කණ්ඩායම වෙනස් කර ඇති බවට වන චෝදනාවයි.

අවසන් මහා තරගය සදහා කණ්ඩායම තෝරා ගැනීමේ දී වෙනස්කම් දෙකක් සිදු කර තිබේ.

ඇන්ජලෝ මැතිවුස් සහ මුත්තයියා මුරලිදරන් ආබාධයට ලක්වීම නිසා එම වෙනස්කම් සිදු කර තිබේ.

සිදුකර තිබෙන වෙනස්කම වන්නේ, ඇන්ජලෝ මැතිව්ස් සහ මුත්තයියා මුරලිදරන් වෙනුවට, චමින්ද වාස් සහ සුරාජ් රන්දිව් කණ්ඩායමට කැදවීමයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නීතියට අනුව, අවසන් කණ්ඩායම සදහා තේරීම් කමිටුවේත්, ක්‍රීඩා අමාත්‍යවරයාගේත් අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය දෙයකි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන්නේ මහින්දානන්ද අළුත්ගමගේ ය. ඔහුගේ අනුමැතියෙන් තොරව, අවසන් කණ්ඩායම නම් කළා නම්, ඒ පිළිබදව ඔහු තේරීම් කමිටුවෙන් කරුණු විමසිය යුතුය. එවැන්නක් සිදුවීත් එඅමාත්‍යවරයා එසේ නොකළා නම්, එය බරපතල කාරණයකි.

ඊට අමතරව මතු වී ඇති අනෙක් කාරණය නම්, අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නැති බව පැවසූවත්, අවසන් කණ්ඩායම ලෙස තේරීම් කමිටුව තෝරා ගෙන ඇති කණ්ඩායම, අවසන් මහා තරගයට දින කිහිපයකට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමු කර ඇති බවයි.

සන්ඬේ ටයිම්ස් පුවත්පත, මේ පිළිබදව හෙළිදරව් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 − three =