චොකා මල්ලිගේ ඉල්ලීම 7 වෙනිදට කල් යයි.

0
94
- Advertisement -
Share

මරණ දඩුවම් නියමව සිටින තේරීපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙනවාද ? නැත්ද ? යන්න පිළිබද අතුරු නියෝගය ලබන සදුදා (07) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය.

මහමැතිවරණයෙන් තේරී පත් වූ තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ රිට් පෙත්සම අද (04) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු ද්වි පුද්ගල. අභියාචනාධිකරණ මඩුල්ලක් හමුවේ මේ වනවිට සලකා බැලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය එදිනට කල් තැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two − 1 =