චීවරධාරියාගෙන් නීති ශිෂ්‍යාවට ලිංගික අතවර. නඩුව බහා තබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලයි.

0
210
- Advertisement -
Share

චීවරධාරියාගෙන් නීති ශිෂ්‍යාවට ලිංගික අතවර.
නඩුව බහා තබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලයි.

අළුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණය අසල නීතීඥ කාර්යාලයක් තුළ දී නීති ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමට සූදානම් වූ චීවරධාරියෙකුට එරෙහිව පැවරූ නඩුවක් බහාතබන්නයි අධිකරණයෙන් ඉල්ලා ඇති පුවතක් රාවය පුවත්පත වාර්තා කරයි.

පසුගිය අගෝස්තු 07 වන දා මෙම සිදුවීම සිදුව තිබේ. අදාල සිදුවීම පිළිබදව සිද්ධියට මුහුණ දුන් නීති ශිෂ්‍යාව සහ නීතීඥවරුන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කර ඇති අතර, පොලිසිය නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා, සිද්ධිය පිළිබදව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට පැමිණිලි කර තිබේ.

පසුව, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගය මත මරදාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ිසද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ අරඹා තිබේ. ඒ අනුව, සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව, බී වාර්තාවක් මගින් කරුණු දක්වා, නඩුව බහා තබන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇති බව පුවත්පත වාර්තා කරයි.

පසුගිය අගෝස්තු විසිවන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ දී නීතීඥවරු විශාල පිරිසක් මේ පිළිබදව කරුණු දක්වා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මහේස්ත්‍රාත්වරිය, මරදාන පොලිසියේ කාන්තාකාර්යාංශයේ ස්ථානාධිපතිනියට හෝ වගකිව යුතු නිළධාරීනියකට අධිකරණයට පැමිණෙන ලෙස නියෝග කර ඇති බව පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 14 =