චීන වෛරසය; ප්‍රංශය සහ එංගලන්තය ජාතිවාදයෙන් ලෙඩ කරයි.

0
336
- Advertisement -
Share

කොරෝනා වෛරසය, ප්‍රංශය සහ එංගලන්තය ඇතුළු බටහිර රටවල ජනතාව තුළ එම රටවල ජීවත් වන චීන සහ ආසියානු ජාතිකයන්ට එරෙහිව ජාතිවාදයක් නිර්මාණය කරමින් තිබෙන බව වාර්තා වේ.

පොදු ප්‍රවාහන සේවය තුළ චීන ජාතිකයන් වෙනස් කොට සැලකීම ඇරඹී ඇති අතර, ඇතැම් ජාතික පුවත්පත් පවා, වෛරසයෙන් ආරක්ෂා වීම සදහා චීන ජාතිකයන්ගෙන් ඈත්ව සිටීම වැදගත් බව හැගවෙන ආකාරයේ පුවත් වාර්තා කර තිබේ.

ප්‍රංශයේ සිටින චීන සම්භවයක් ඇති කාන්තාවක් කියා තිබුණේ, ස්වදේශීය ප්‍රංශ ජාතිකයන් පිරිසක්, වෛරසය බෝ නොකර නැවත චීනයට යන ලෙස ඇයට පැවසූ බවයි.

මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන් විශාල පිරිසක් ප්‍රංශය සහ එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල ජීවත් වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + three =