චීන විදේශ ඇමති ලබන මාසයේ දිවයිනට පැමිණෙයි. වරාය නගර කොමිසමේ සාමාජිකයන් පත්කිරීම ඊට පෙර.

0
305
- Advertisement -

චීන විදේශ ඇමති ලබන මාසයේ දිවයිනට පැමිණෙයි. වරාය නගර කොමිසමේ සාමාජිකයන් පත්කිරීම ඊට පෙර.


චීනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වන වෑන්ග් යී, ලබන මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

චීන විදේශකටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණීමට පෙර වරාය නගර පනත සම්මත කර ගැනීමට රජය උත්සාහ කරන බව විවිධ පාර්ශ්ව වලින් මීට පෙර චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ හෝ, මේ වන විට වරාය නගර පනත සම්මත වී ඇති අතර, වරාය නගර කොමිසමේ සාමාජිකයන් පත් කිරීම, චීන විදේශකටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණීමට පෙර සිදු කිරීමට නියමිත ය.

වරාය නගර කොමිසමේ සභාපතිවරයා ඇතුළුව බහුතරය ශ‍්‍රී ලාංකිකයන්ගෙන් පත් කරන බවට අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ පොරොන්දු වී තිබුණි.

කෙසේ වෙතත්, විපක්ෂය චෝදනා කර සිටියේ, වරාය නගර කොමිසමට චීන ජාතිකයන් ද නම් කිරීමේ අවදානමක් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =