චීන ජනපතිගෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක්.

0
461
- Advertisement -
Share

චීන ජනාධිපති සී-ජින්පින් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුර කථන ඇමතුමක් දී ස්තුතිය පළ කර ඇති බව වාර්තා වේ.

වසංගතය හමුවේ, මෙරට තුළ ජීවත් වන චීන ජාතිකයන් වෙනස් කිරීමකට ලක් නොකිරීමට වගබලා ගැනීම සම්බන්ධයෙන් චින ජනාධිපතිවරයා මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පළ කර තිබේ.

එමෙන්ම, ශ‍්‍රී ලංකාව, ඉතා ඉක්මනින් කොරෝනා වසංගතය පරදා නැගී සිටින බව තමන්ට විශ්වාසයි යැයි ද, චීන ජනාධිපතිවරයා පවසා තිබේ. ඉන් පසුව, ලංකාවේ සංවර්ධන කි‍්‍රයාවලියට සහාය දැක්වීම චීනය සූදානම් බවද චීන ජනාධිපතිවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වී තිබේ.

ලංකාවේ සංවර්ධන කටයුතු සදහා චීනය ලබා දී තිබෙන සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, චීන ජනාධිපතිවරයාට ස්තුතියි පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =