‘චීනය සයිනොෆාම් එන්නත ලංකාවේ අපට ලබා දී තිබෙන්නේ ඉතාම අඩු මිලකට. මෙන්න සාක්ෂි….!’ ඇමති ගම්මන්පිල කියයි.

0
355
- Advertisement -

“චීනය සයිනොෆාම් එන්නත ලංකාවේ අපට ලබා දී තිබෙන්නේ ඉතාම අඩු මිලකට. මෙන්න සාක්ෂි….!” ඇමති ගම්මන්පිල කියයි.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත,ලෝකයේ වෙනත් රටවලට ඉතා ඉහළ මිලකට ලබා දී ඇති අතර, ලංකාවට එම එන්නත ලබා දී තිබෙන්නේ අඩු මිලකට බව කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප‍්‍රකාශකවරු සදහන් කර සිටිති.

උදාහරණයකට සයිනොෂෆාම් එන්නත චීනය විසින් ආර්ජන්ටිනාවට ලබා දී තිබෙන්නේ ඩොලර් 40 කට බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.

ඒ මිල ගණන් සන්සන්දනය කර බලද්දී චීනය විසිල් ලංකාවට එන්නත ලබා දී ඇත්තේ අඩු මිලකට බවද අමාත්‍යවරයා පවසයි.

චීනය විසින් සයිනොෆාම් එන්නත බංග්ලාදේශයට ඩොලර් 10 කටත්, ශ‍්‍රී ලංකාවට ඩොලර් 15 කටත් ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 9 =