චීනය සමඟ ගැසූ ගිවිසුමකින් ඉවත් වීමට ඕස්ට්රේලියාව තීරණය කරයි.

0
543
- Advertisement -

චීනය සමඟ ගැසූ ගිවිසුමකින් ඉවත් වීමට
ඕස්ට්රේලියාව තීරණය කරයි.

•නයන තරංග ගමගේ / aruna e paper

වික්ටෝරියානු මහ ඇමැති ඩැනියෙල් ඇන්ඩ්රූස් චීන රජය සමග ඇති කර ගත් ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ ගනුදෙනුව පිළිබඳ ගිවිසුම ඉදිරි සති කිහිපය ඇතුළත අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සූදානම් වේ. වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් 2018 දී ප්‍රාන්ත මහ ඇමැතිවරයා විසින් මෙම ගිවිසුමට අත්සන් තැබිණි. කෙසේ වෙතත් එම අවස්ථාවේදී අදාළ ගිවිසුම පිළිබඳව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුවත් කර නැතැයි පසුව චෝදනා නැගිණි.

අගමැති මොරිසන් පසුගිය වසරේදී හඳුන්වා දුන් නව නීතියකට අනුව “විදේශ ප්‍රතිපත්තියට පටහැනි” යැයි සලකන්නේ නම් විදේශීය බලවතෙකු සමග ඇති ඕනෑම ප්‍රාන්ත හෝ පළාත් පාලන ගිවිසුමක් ඉරා දැමීමට ෆෙඩරල් රජයට බලය ලබාදී ඇත. ‘හෙරල්ඩ් සන්’ පුවත්පත සමග අදහස් දක්වමින් අගමැති මොරිසන් පවසා ඇත්තේ අදාළ නීතිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය අපේක්ෂා කරන බවයි. චීනය සමග ඇතිකරගත් ගිවිසුම සම්බන්ධයෙන් එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පවසා ඇත්තේ තමා ”එහි ප්‍රතිලාභ දැක නැතැයි” යනුවෙනි. “ප්‍රතිලාභ තිබේ නම්, ඒවා මොනවාද සහ ඔවුන්ට ගෙවනු ලැබුවේ කුමක්ද? මේ අවස්ථාවේදී මට එම ප්‍රශ්නවලට පිළිතුරු නොමැත. ජාතික ආණ්ඩු වෙනත් ජාතික ආණ්ඩු සමග ගනුදෙනු කිරීමේදී අනුකූලතාවක් තිබිය යුතුයි” යැයි හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 6 =