චීනය බොරදියේ මාළු බාන්ඩ අරන්. බාල මට්ටමේ ටෙස්ටින් කිට්ස් තොගයක් ඇමරිකාවට විකුණලා..!

0
681
- Advertisement -

වසංගතය, එය උත්පත්තිය ලැබූ වූහාන් ප‍්‍රාන්තයේ දී ම මර්දනය නොකර, ලොව පුරා ව්‍යාප්ත වීමට චීනය වගකිව යුතු බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නැවත වරක් චෝදනා කරයි.

වෛරසය ගෝලීය මට්ටමෙන් ව්‍යාප්ත වීමේ වගකීම චීනය බාරගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් තමන් සිදු කරන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

වසංගතය හේතුවෙන්, ඇමරිකානුවන් 70,000 ක් පමණ මිය යනු ඇතැයි අනුමාන කරයි.

මේ අතර, ධවල මන්දිර වෙළද උපදේශකවරයා වන පීටර් නවාරෝ ද චීනයට අළුත් චෝදනාවක් එක් කරයි. වසංගතයෙන් ලෝකයම අර්බුදයට ගොස් තිබෙන වේලේ, චිනය, ඉන් වාසි ලබා ගැනීම සදහා, ප‍්‍රමිතියෙන් තොර බාල මට්ටමේ ටෙස්ටින් කිට්ස් නිෂ්පාදනය කරන බවත්, පසුව ඒවා ඇමරිකාවට අලෙවි කරන බවත් ඔහු චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − one =