“චීනය නිපද වූ කොරෝනා එන්නත අපි මිලදී ගන්නේ නෑ.” බ්‍රසීල ජනාධිපති සහතික වෙයි.

0
358
- Advertisement -

චීනය නිපද වූ කොරෝනා එන්නත අපි මිලදී ගන්නේ නෑ.”
බ්‍රසීල ජනාධිපති සහතික වෙයි.

කොරෝනා වෛරසය සදහා චීනය විසින් නිපදවන ලද එන්නත, තමන්ගේ රජය කිසිසේත්ම මිලදී නොගන්නා බව, බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝ පවසයි.

බ්‍රසීලය, කොරෝනා වෛරසයෙන් බැටකල රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටකි. මේ වන විට ආසාදිතයන් ලක්ෂ පනහකට වඩා වැඩි පිරිසක් එරටින් වාර්තා වී තිබේ. එක් ලක්ෂ පනස් පන් දහසක් පමණ දෙනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක සහායෙන් නව එන්නතක් අත්හදා බැලීම ආරම්භ කර ඇතැයි ද බ්‍රසීල ජනාධිපතිවරයා පවසයි.

ස්වේච්ඡා සේවකයින් දසදහසක සහභාගිත්වයෙන් ඊට අදාළ සායනික අත්හදා බැලීම් සිදු කෙරෙන්නේ අදියර තුනක් යටතේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − two =