චීනය තෑගි දුන් සිනොෆාම් එන්නත මෙරට පුරවැසියන්ට ලබා දීම වෛද්‍ය විශේෂඥයන් අනුමත නොකරයි.

0
676
- Advertisement -

චීනය තෑගි දුන් සිනොෆාම් එන්නත
මෙරට පුරවැසියන්ට ලබා දීම
වෛද්‍ය විශේෂඥයන් අනුමත නොකරයි.

චීනය විසින් මෙරටට ලබා දුන් සිනෝෆාම් එන්නත, මෙරට පුරවැසියන් සදහා ලබා දීමෙන් වළකින ලෙස, වෛද්‍ය විශේෂඥයෝ පවසති.

එන්නත සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු, අදාල සමාගම මෙතෙක් ලබා දී නැති බවද වාර්තා වේ.

සිනෝෆාම් එන්නත සම්බන්ධයෙන් මෙරට රජයේ සහ පෞද්ගලික අංශයේ විශේෂඥ වෛද්‍යවරු සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා ගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක සදහන් වන්නේ, සිනෝෆාම් එන්නත සම්බන්ධයෙන්, නිෂ්පාදන ආයතනය ලබා දුන් සියළු ලිපි ලේඛන පරීක්ෂා කර බැලීම සදහා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ස්වාධීන විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි.

එමෙන්ම, 2021 මාර්තු 17 දාතම සහිතව, සිනෝෆෂාම් එන්නත නිෂ්පාදනය කරන සමාගම විසින් ලබා දී ඇති ලිපි ලේඛන පරීක්ෂා කර බැලීමේ දී, එන්නතේ ආරක්ෂාව, එන්නතේ කාර්යක්ෂමතාව සහ එන්නත මගින් ලබා දෙන ප්‍රතිශක්තිකරණය පිළිබදව තීරණය කිරීම සදහා ප්‍රමාණවත් තරම් දත්ත නැති බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් වේ.

ඒ අනුව, තමන් දැනට නිගමනය කර ඇත්තේ, මෙම එන්නත මෙරට පුරවැසියන්ට ලබා නොදිය යුතු බව යැයි ඔහු පවසයි.

සිනෝෆාම් එන්නත එරට පුරවැසියන් සදහා ලබා දීමට හොංකොන් රාජ්‍යයද මෙතෙක් කටයුතු කර නැත.

ඩේලි මිරර් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =