“චීනය; කොල්ලකාරයෙක්..! නමුත්, අපි ඔබේ සැබෑ මිතුරෙක්.” ඇමරිකානු රාජ්‍යලේකම් කියයි.

0
211
- Advertisement -
Share
9 / 100

“චීනය; කොල්ලකාරයෙක්..!
නමුත්, අපි ඔබේ සැබෑ මිතුරෙක්.”
ඇමරිකානු රාජ්‍යලේකම් කියයි.

චීනය, විලෝපිකයෙකු, නැතිනම්, ගොදුරු අල්ලා කන සතෙකු හෝ කොල්ලකාරී රාජ්‍යයක් බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, ඔහුගේ ශ‍්‍රී ලංකා සංචාරය අතර තුරේ දී කියා සිටියේ ය.
චීනය මෙන් නොව, ඇමරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු බවද ඔහු පැවසී ය.
මේ කරුණ සම්බන්ධයෙන්, වැඩි විස්තරයක්, බී.බී.සී වෙබ් අඩවිය වාර්තා කර තිබුණු අතර, අපගේ පාඨකයන් වෙනුවෙන්, අපි එම කොටස මෙසේ උපුටා දක්වන්නෙමු.

“පිටසක්වලයින්ට එරෙහිව විලෝපිකයා”

සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු” ලෙස හදුන්වා දුන්නේය.

චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය.

“ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව,” බව ඔහු කියා සිටියේය.

“ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ශක්තිමත්ව හා ස්වෛරීව පැවතීම එක්සත් ජනපදයට උපායමාර්ගිකව ප්‍රබල හවුල්කරුවෙකුලෙස සැලකිය හැකියි. එය නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා උදව් වෙනවා. එය චීනය අපේක්ෂා කරන දෙයට වඩා හාත්පසින්ම වෙනස්. චීන කොමියුනිස්ට් පක්ෂය විලෝපිකයෙක්, ඒ බව ගොඩබිම හා මුහුදේ ස්වෛරීභාවය සහ නීති උල්ලංඝනය කිරීම් වලින් අපි දකිමු,” අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවසීය.

ඔහුගේ මෙම ප්‍රකාශයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වහා ප්‍රතිචාර දැක්වූයේ “කණගාටුයි ලේකම් පොම්පෙඕ මහත්මයා, අපි චීන-ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කාර්යබහුලයි. ඔබගේ පිටසක්වලයින්ට එරෙහි විලෝපිකයා සෙල්ලමට උනන්දුවක් නැහැ. එක්සත් ජනපදයට සෑම විටම මෙන් එකවර භූමිකාවන් දෙකක් රඟ දැක්විය හැකිය.” යනුවෙන් ට්විටර් සටහනක් තබමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − thirteen =