චීනයේ ජීවත් වන ශ‍්‍රී ලංකා කුමරිය ගැන හෙළිදරව්ව. ‘ඇයද කොළඹ වරාය නගරයේ ආදිපාදවරිය…?’ මංගල සමරවීර චීනයෙන් අසයි.

0
813
- Advertisement -

චීනයේ ජීවත් වන ශ‍්‍රී ලංකා කුමරිය ගැන හෙළිදරව්ව.
‘ ඇයද කොළඹ වරාය නගරයේ ආදිපාදවරිය…?’
මංගල සමරවීර චීනයෙන් අසයි.


පසුගිය වෙසක් දිනයේ දී චීනයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලද වෙසක් දින සැමරුම සදහා, මේ වන විට චීනයේ ජීවත් වන ශ‍්‍රී ලංකා කුමරියක ද සහභාගී වූ බවට චීනයේ බෙල්ට් ඇන්ඞ් රෝඞ් වැඩසටහනට අදාල ට්වීටර් ගිණුමේ පණිවිඩයක් ලෙස තබා තිබුණි.

අදාල කුමරිය, කෝට්ටේ යුගයට අයත් හයවන පරාක‍්‍රමභාහු රජුට සම්බන්ධ බවද එම ට්වීටර් පණිවිඩයේ සදහන් විය.එම ටවීටර් පණිවිඩය සදහා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සරදම්සහගත පිළිතුරක් ලබා දී තිබේ.

ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් බවත්, චීනය සදහන් කරන, ඒ කියන කුමරිය චීනය වෙතම තබා ගන්නා ලෙසත් හිටපු අමාත්‍ය මංගල සමරවීර චීනයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම, චීනය ද 1949 දී සිදු කළ විප්ලවයෙන් රාජාණ්ඩු ක‍්‍රමය අවසන් කළ බවද මතක් කර දෙයි. එමෙන්ම, චීනය සොයාගත් මේ කුමරිය වරාය නගරයේ ආදිපාදවරිය බවට පත් කිරීම් සූදානමක් චීනයට තිබේද කියාත් විමසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 15 =