චීනයෙන් බංග්ලාදේශයට නිර්ලජ්ජිත අනතුරු හැගවීමක්…!

0
843
- Advertisement -

චීනයෙන් බංග්ලාදේශයට නිර්ලජ්ජිත අනතුරු හැගවීමක්…!

ක්වොඞ් – [Quad] චීන විරෝධී සාමූහිකයක් ලෙස හදුනා ගන්නා බවත් එබැවින් බංග්ලාදේශය ඒ හා සම්බන්ධ වුවහොත් චීනය හා බංග්ලාදේශය අතර පවතින ද්වීපාර්ශ්වික සබදතාවන්ට සැලකිය යුතු හානියක් සිදු කරනු ඇති බවට බංග්ලාදේශයේ චීන තානාපතිවරයා බංග්ලාදේශ රජයට අනතුරු හැගවීමක් සිදු කර තිබේ.

එවැනි අනතුරු හැගවීමක් කිසිසේත්ම රාජතාන්ත‍්‍රික නොවන අතර – විදෙස් රටවල සිටින චීන තානාපතිවරු – තමන්ට එවැනි ප‍්‍රකාශ සිදු කිරීමට අයිතියක් ඇතැයි සිතති.

මේ සම්බන්ධයෙන් මෙරට බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

Quad යනු ඉන්දියාව – ඇමරිකා එක්සත් ජනපදය – ජපානය – ඕස්ටේ‍්‍රලියාව යන රටවල සාමාජිකත්වයෙන් යුත් සාමූහිකයකි. ඉන්දු පැසිපික් කලාපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ගෝලීය අභියෝගයන්ට එක්ව මුහුණ දීම එම සාමූහිකයේ ප‍්‍රධාන අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + five =