චම්පිකට රටින් පිටවීම තහනම්.

0
457
- Advertisement -

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

2016 වසරේදී, රාජගිරියේ දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාලව මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගමන් කළ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා තිබුණි.

එවකට පැවති විමර්ෂණවලදී අමාත්‍යවරයා පවසා තිබුණේ, අදාල අනතුර සිදුවන මොහොතේ තමන් වාහනයේ නොසිටි බවත්, තමන්ගේ රියැදුරා වාහනය ධාවනය කර ඇති බවත් ය.

කෙසේ වෙතත්, වරද යතුරුපැදි කරුගේ බව ද චම්පික රණවක මහතා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 13 =