චම්පිකගේ රියැදුරාගේ බිරිද, දරුවා සහ මව අත් අඩංගුවටගැනීම පැහැර ගැනීමක් ලෙස අර්ථගැන්විය යුතුයි..!

0
1258
- Advertisement -

2006 වසරේ සිදු වූ රිය අනතුරක් සම්බන්දයෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සදහා, හිටපු අමාත්‍ය චම්පික රණවක මහතාගේ රියැදුරාගේ බිරිද, වයස අවුරුදු එක හමාරක දියණිය සහ එම රියැදුරාගේ මව, පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ඒම, තමන්ට අර්ථ දැක්විය හැක්කේ පැහැර ගැනීමක් ලෙස බව, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, නීතීඥ අජිත් පී පෙරේරා මහතා පවසයි.

පිටකෝට්ටේ සෝලිස් හෝලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

මාධ්‍ය හමුවට පැමිණ සිටි මාධ්‍යවේදිනියක පවසා සිටියේ, ඊයේ මැදියම් රැුයේ අත් අඩංගුවට ගත් එම පිරිස මේ වන විට නැවත මුදා හැර ඇති බව තමන්ට ආරංචි වී ඇති බවයි.

හිටපු අමාත්‍ය චම්පික රණවක මහතාට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් පවතින දේශපාලන දඩයමට තමන් එක හෙලා විරුද්ධ බවත්, චම්පික රණවක මහතා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත්, මාධ්‍ය හමුවට එක්ව සිටි, අජිත් පී. පෙරේරා, එස්.එම් මරික්කාර්, කරුණාරත්න පරණවිතාන සහ ආශු මාරසිංහ යන මන්ත‍්‍රීවරු සදහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 12 =